Blogroll

Friday, February 25, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 2

එයා මට කිවුවෙ හා කියලා. ඉට පස්සෙ මන්
 නැ ඒක බොරු..

 නැ ඒක ඇත්ත.

 එක වෙන්න බැරි වැඩක් නේ..

 ඇයි එහේම කියන්නේ.

 1. ඔයා මාව දන්නේ නෑ
 2. ඔයාට boyfriend කෙනේක් ඉන්නවා (ඔයා කියන විදිහට )
 3. එක්කෝ ඔයා මාව කඩේ යවනවා. ( Fake profile)

එහේමයි එ කතාව සිද්ද උනේ.  එත් ඒක මන් දන්නවා හොදා කාරව එයා මට විහිලුවට කියපු එකක්.  එ කතාව අවසන් උනේ දෙන්නම හොදට විහිලු කරගෙන.  සතියක් 2ක් විතර අපි අපි ගැන කතාකරා.  එයාට මන් ගැනත්,  මට එයා ගැනත් විස්වාසයක් අති උනා.  පස්සේ දවසක චැට් කරන ගමන්,  මන් එයාගේ mobile no  එක ඉල්ලුවා විරුද්දත්වයක් නැතිවම මට එයා ඒක දුන්නා.  මන් එවෙලේම call කරා.  එ හඩ තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ...  එත් ඒක විනඩියකටත් වඩා අඩු සාමාන්‍ය කතාවක්.  එත් ඒ වෙනකොටත් මන් නොදැනුවත්වම එයාට ලන් වෙන්න අරන්.  මටත් හොරෙන්ම මගේ හිත අන් සතු පෙමකට ලන් වෙලා.....  පුලුවන් හැම වෙලාවකදිම මන් එයට කතා කරා.  තව තවත් එයාට මන් ලන් වෙලා.  ඒ දවස් හරි ලස්සනයි.  මගේ ජිවිතේත් අලුත් වෙන්න පටන් ගත්තා හැම දේකින්ම.

ඒ දවස්වල අපේ අක්කිට තිබුනු පොඩි අසනිපයක් නිසා නුවර සුවසෙවන එකට ගියා clinic එකකට.  ඒ ගිහිල්ලා මන් පැත්තකට වෙලා මලක් කඩන්න ගත්තා.  එතන සෙනග,  මාත් වටේ  ඇවිද ඇවිද  අමාරුවෙන් කතා කරා.  Facebook එකේ එයාගේ photo එකක් දාලා තිබුනත් ඒක එයගේ මලයා අයින් කරලා ( fb එක use කරන්නේ එයා.  මෙයා ebuddy වලින් චැට් විතරයි ) ඔය මල් කැඩිල්ල අස්සේ මන් එයාගෙන් photo එකක් ඉල්ලුවා.  මුලදි ඒක හරි අමරු උනා.  මගේ එකක් එවන්න එයා එකක් එවන්නම් කියලා.  දෙන්න ලා වට පොඩි ගිවිසුමක් ගහ ගත්තා.  පලවෙනි photo එක එහේම හුවමාරු කරගත්තා.  (1ක් නෙමේ 2ක් විතර ) ඒදා තමා එයාව photo එකකින් හරි හරියට දැක්කේ.
          අපි අපේ ජිවිත ගැන හැමදේම කතා කරා.  හැම දේම.  අපිට තේරේන ළාමා කලේ ඉදන් මේතාක් අපිට මුන දේන්න උන හැමදේමත්,  අපි අපේ පවුල් වල විස්තරත් කතා කරේ අපි නොදැනුවත්වම අපි අපේ ජිවිත වලටත්,  අපේ හදවත් වලටත් ගොඩාක් ලන් වෙන්න ගත්තේ අපිටත් හොරාටම.  ඒ ඇති උන හැගිම් විස්තර කරන තරම් ,  කවි සිතුවිලි වත්,  සින්හල බාශාමය හැකියා වක් වත් මට නැ.  ඒ අතිවුන හැගිම් වචන වලට පෙරලන්න හදවතේන් ලොකු ඔමනාවක් තිබුනත් ඒ දේ කර ගන්න බරි එක ගැන ලොකු දුකක්,  ඇස් වලට කදුලක් එන්නේ ආදරය නිසා අනන්ත අප්‍රමාන දුකක් විදල,  තිබුන හමදේමත් නැත්තටම නැති උන මගේ ජිවිතේට මේ FB කෙල්ල නිසා අලුත් අලෝකයක් විහිදේන්න පටන් අරන් තිබුන නිසා.

        පලවෙනි clinic එකෙන් සතියකට විතර පසේ අයෙත් clinic දවසක් ...  අපි එකින් එකාට ආදරේ කරත්, ඒයාට කොල්ලෙක් ඉන්න නිසාත්,  මෙ වෙනකන් ඒ ගැන වචනයක් වත් කතා කරල තිබුනේ නැ . එත් එදා කතා කර කර ඉන්න ගමන්  මත් නොදැනිම මගේ කකුල් car park  එක පැත්තට අවේ මෙච්චර දවසක් හිතේ තද කරන් හිටපු අදරේ එලියට දන්නයි...


( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් )

1 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More